Tuesday, 22 January 2013

මා ගැන.

බොහෝ දෙනෙක් මා වෙත ඊමේල එවමින්, බනිමින් කියන්නේ මගේ සත්‍යය තොරතුරු කියන ලෙසයි. මට එන බොහෝ ඊමේල වල අසා ඇත්තේ,
තෝ කවුද එහෙම කියන්න?, අඩෝ නිකන් හැංගිල මඩ ගහන්න එපා යකෝ ඇත්ත කියපන් තෝ දෙමලෙක් නේද?, ඇයි තොට ඔච්චර සිංහල අපිගැන කැක්කුම?, ඔච්චර අනිත් රටවල් හොදනම් යමන්කො මේ රට දාල අපිට පව් දෙන්නෙ නැතිව, ආදී දේය.
මොවුන් මෙසේ අසන නිසාම මා ගැන ඇත්තම පැවසීමටත් එහෙත් මාගේ ආරක්ශාව සදහා මගේ හදුනා ගැනීමේ තොරතුරු පමනක්ම සඟවා තැබීමටත් මෙම ලිපියෙන් අදහස් කරමි.
මා මාගේ හදුනා ගැනීමේ තොරතුරු සඟවන්නේ වර්තමාන රජය සහ රටේ මෝඩ බුද්ධිහීන කුහක ජනයාගෙන් ඇතිවියහැකි අනතුරු වලක්වා ගැනීමට පමනක්ම බවද මින්ලා සදහන් කරමි.

මා ගැන හැදින්වීමේදී මගේ ජන්මය ඉතාම වැදගත් වන බැවින් පලමුව මාගේ දෙමව්පියන් හා ඔවුන්ගේ වටාපිටාවත් සදහන් කිරීම මට දෙමලෙකු යයි බනිමින් ලිපි එවන්නන්ගේ දැනගැනීම සදහාම මෙහිලා ලියාතබමි.

මාගේ මව පැවත එන්නේ උඩරට සිංහල බෞද්ධ වලව් පැලැංතියකින් වන අතර ගම මහනුවරයි, දරුවන් 8 දෙනෙක්ගෙන් යුත් පව්ලේ දෙවැන්නා වන ඇය ලොකුම දුවද වේ.
මාගේ පියාද ආරච්චිලා පැලැන්තියකින් පැවතෙන ජාඇල ප්‍රදේශයේ වලව්කාරයෙක් වන නමුත් කතෝලික ආගමික දරුවන් 4දෙනෙකුගෙන් යුත් පව්ලක 3 වෙනි දරුවාය.
දෙදෙනාම රජයේ ඉහල තනතුරු දැරූ විශ්‍රාමික උපාධිධාරීන් දෙපලක් වන අතර මුනගැසී ඇත්තේ පේරාදෙනිය සරසවියේ දීය.
විවාහයට එකම ප්‍රශ්නය වී ඇත්තේ කතෝලික පල්ලියේ විවාහයට මවගේ පියාගේ දැඩි නොකැමැත්ත පමනක්මය.
එහෙත් මාගේ පියාගේ පියා ඉතාම නිහතමානී උත්තමයෙක් නිසා කියා ඇත්තේ දෙදෙනාගේ ප්‍රේමය ආගම නිසා විනාස නොකලයුතු බවත්, ආගම යනු කෙනෙකුගේ පෞද්ගලික ඇදහීමක් පමනක්ම වන නිසා මගේ මවට සහ පියාට කැමති ආගමක් අදහාගෙන ජීවත්වන ලෙසත්, මොනවාවුවත් මගේ මව ඇයගේ දෙමව්පියන්ගේ දරුවකු වන නිසා ඒ අයට අවශ්‍යලෙස බෞද්ධ චාරීත්‍රවලට අනුව විවාහය සිදුකරන ලෙසත්ය.

මා ඇතුලු දරුවන් 4දෙනෙක්ගෙන් යුත් අප පව්ලට මවගේ පාර්ශවයෙන් බෞද්ධ බලපෑම වැඩි නිසා අප කිසිවකුට කුඩාකල කතෝලික ආගම ඉගනීමට පවා අවස්තාවක් නොලැබුන මුත් මාගේ මව මා 14 හැවිරිදිවියේදී බෞතීස්ම ලබා කතෝලික ආගම වැලදගත්තේ සියලුම දෙනා පුදුමයට පත්කරමිනි.
ඉන්පසු මවගේ පාර්ශවයෙන් කොතෙකුත් බලපෑම් ඇතිවුනද මව ඒවා කිසිවක් ගනන් නොගත් අතර අපට ආගම් දෙකම ඈ විසින් උගන්නේය.
පසු කලෙක අප පව්ලේ දරුවන් සතර දෙනාම බෞතීස්ම ලබා කතෝලික ආගම වැලදගන්නේ මවගේ පර්ශවයේ දැඩි විරුද්ධතා මධ්‍යයේය.
අදටත් පල්ලි මෙන්ම පන්සල් යන අප සියලු දෙනා අපේ ආගමික අතීතය ඉතා සතුටින් මතක් කරන්නේ මවගේ උද්දච්ච බෞද්ධ පවුලේ මෝඩ වැඩත් , පියාගේ අහිංසක කතෝලික පවුලේ පුදුමාකාර ආදරයත් තවමත් නිතරම මතක් කරමිනි.

ඊලඟ ආස්චර්යය නම් මමද විවාහවන්නේ විශ්වවිද්‍යාලයේදී මුනගැසුනු බෞද්ධ කෙල්ලක් සමග වීමයි, වාසනාවකට ඇයගේ ඤාතීන් බොහෝමයක් ක්‍රිස්තියානි ආගමිකයන් වීම නිසා විවාහය කතෝලික පල්ලියේ සිදුකිරීමට අපට හැකිවුන නමුත් මාගේ පියා කියාසිටියේ මගේ බිරිදගේ මව්පියන්ගේ සිතසතුටු කිරීම සදහාම පෝරුවේ චාරිත්‍රද කරන ලෙසයි, එහෙත් බිරිදගේ පියා කියා සිටියේ එය අනවශ්‍ය බවත් දරුවන්ට බෞද්ධ ආගමද කියාදී බෞද්ධ චරීත්‍ර වාරිත්‍ර ඇතුලු හොදදේ මාගේ මව කලාක්මෙන්  කියාදෙන ලෙසයි. ඉතාම හොද බුද්ධිමත් ආදරවන්ත පියකුවන ඔහු අපගෙන් සදහටම සමුගත්තත් අදටත් මම මාගේ ආදරනීය මාමන්ඩියාව ආදරයෙන් මතක් කරන්නේ හදබැදි ආදරයෙන්මි.

මා පව්ලේ වැඩිමලා වන අතර මට පසුව නංගිලා දෙදෙනෙකුත් ඉන්පසු පොඩිමල්ලිත් ලෙස දරුවන් සතර දෙනෙකි.
අප සියලුම දෙනා කුඩාකල සිටම ඉගනීමට දක්ශවූ අතර සියලු දෙනාම උපාධිධරයෝය.
ලොකු නංගි සිය පවුල සමග ඇමරිකාවේ ජීවත්වන අතර පොඩි නංගි සහ මල්ලි පවුල්පිටින් ඕස්ට්‍රලියාවේ පදිංචිවී ඇත.
මේ කුහක රටේ තවමත් ඉතිරිව ඇත්තේ මාගේ පවුල පමනි.
එසේ වූයේ මාගේ වරදින් මිස මව්පියන්ගේ බලපෑමකින් නම් නොවන බවද කිවයුත්තේ මව් පියන් මට යන්නට කීවද රටේ අනාගතය හොදවේයයි මාගේ තිබූ මෝඩ බලාපොරොත්තුව සහ සුද්දන්ගේ රටවල කක්කුස්සි හෝදන්න යන්නේ නැතැයි මට තරුණ කල තිබූ මෝඩ අදහස නිසා බවද ලියාතබන්නේ  අවංකවම ඒ මෝඩසිතුවිලි ගැන දැන් ඉතාම කනගාටුවෙමිනි.
දැන් මට මේ රටින් පැනගැනීමට ඉතාම අවශ්‍යය වුවත් දරුවන් තිදෙනෙකූගේ පියකු වන මා ලංකාවේ ගොං මෝඩ පිලිවලටම ලොකු වියදමක් කර අනාගතේ දරුවන්ට යයි සිතා ණයවී ඉඩම් අරන් දමා මාගේ ගෙයද සැපපහසු ලෙස තනා වැඩකරන ආයතනයෙන් දීඇති වාහනය තිබුනත් තවත් ඉතා වටිනා වාහනයක්ද රජයෙන් දෙන වාහන බලපත්‍රයටද රැගෙන අම්බානක් ණය ගෙවමින් හොදටම හිරවී ඉන්නා සිංහල බූරුවෙක්මි.
සියල්ල විකුණායන්න හිතුනත් දැන් මේ සේරම මා ඒවා ගත්තු ගානෙන් බාගයකටවත් විකුණාගැනීමටද බැරි බව මට අනිවාර්යය.
එමෙන්ම දැන් වයස 40ස් සීමාවේ ඉන්නා මට රටින් පැනගැනීමට සහ රැකියාවක් සොයාගැනීමද ප්‍රශ්ණයක් වේයයි බයක්ද ඇත.
එහෙත් යලි කිසියම් දිනෙක මට සුද්දන්ගේ කක්කුස්සි සේදීමට හෝ පිටරටක රස්සාවක් ලැබුනොත් මම මේරටේ මට අයිති සියල්ල දමායන්නේ මාගේ මලකදවත් යලි මේ රටට නො එවන්නට සපතකරමිනි.
මාගේ දැන් එකම බලා පොරොත්තුව සහ අභිප්‍රාය මගේ දරුවන් කෙසේ හෝ මේ අමන අසමත්ජාතික මිනිසුන් වෙසෙන රටෙන් පුලුවන් තරම් ඉක්මනට පිටමං කිරීමයි.

No comments:

Post a Comment