කලු ගගෙන් මෙහාට බලල් පැටියෙක් වත් නොගෙනෙන ලෙස ඉතා වැදගත් කියමනක් ශ්‍රී ලංකාවේ ඇත, මා කුඩාකල මාගේ සීයා මෙය මට කියාදුන් අතර ඔහු ඒ ගැන ඉතාම හොද පැහැදිලි කිරීමක්ද කලේය.
ඔහු කී ආකාරයටම කියනවානම්...
ශ්‍රී ලංකාවට මිනිසුන් දුර ඈත අතීතයේ සිට ආව ගියා ඉන්දියාවේන්, මේ ආවෙ ගියේ ඉතාම ශක්තිමත් හා සාමකාමී මිනිසුන් ජාතියක් වන මසුන් මරන්නන්.
ඉන්දියාවෙ ඔවුන් ඉන්න පලාත්වල මසුන් අඩුවෙන කාලවලට වගේම වසංගත රෝග බෝවෙන කාලවලට රෝග බෝවීම නවත්තන්නත් මොවුන් ආවාගියා, හැබැයි ඔවුන් ලංකාවෙ පදිංචිවුනේ නෑ ආයෙත් ඉන්දියාවටම යනව මොකද මේක ඔවුන්ගෙ එක කුඩා දූපතක් පමනයි ඒ වගේම සමහර කාලවලට පයින් එන්න පුලුවන්ලු අද අපි කියන රාමාගෙ පාලම කියන වැලිපාර දිගේ.
ඒ වගේම තවත් කට්ටියක් ආව ඉන්දියාවෙන් ඒ තමයි ඉන්දියාවෙන් අපරාධ කරල පැනගත්තු මිනීමරුවොයි, රටෙන් එලවලදාපු නමගිය අපරාධ කාරයොයි.
හැබැයි මේ අපරාධ කාරයො බොහෝවිට යන්නෙ රට මැදටයි දකුණටයි මොකද හැංගිල ඉන්න ඕනෙ නිසා.
ඉතින් මේ අය එකතුවෙලා කල්ලි ගැහිල කොල්ල කන්නත්, මුහුදු මංකොල්ල සිදුකරන්නත් ගන්නව.
ඉතින් මේ වගේ මිනීමරුවන් පාදඩයින්ගෙන් මේ රට එක කාලෙක බොහෝම වර්ධනය වෙලා රට මැද රාජ්‍යයක් බිහි වෙනව, ඉතින් සෙරම ඉන්නෙ නමගිය අපරාධ කාරයො හින්දයි මොවුන්ට අනුන්ව කොල්ල කන්න ක්‍රම සහ විදි ඕනෙ හන්දයි මේ රාජ්‍යය යන්ත්රසූත්ර සෑදීම අතින් ඉදිරියට යනව, මොවුන් කොපමන යාන්ත්‍රික විද්‍යාවෙන් ඉහලට ආවද කියනවනම් මොවුන් අහසෙන් යන්න පුලුවන් යානාත් සාදනව, ඉතින් ඉන්දියාවෙ තියෙන රත්තරන් මුතුමැණික් අතිවිශාල ප්‍රමාණයක් මොවුන් කොල්ල කාල මහා නිධාන රට මැද සහ දකුණේ හැංගුව කියල සීය අපිට කිව්ව.
මේ නිසා ඉන්දියාවෙ මුහුදුබඩ පලාත් වල නායකයින්ට මේක හරිම කරදරයක් හිරි හැරයක් වෙනව.
මේකෙ උච්චතම අවස්තාව තමයි රාවනා රජුගේ කාලය, මේ කාලයෙ ඉන්දියාවට මේ සොර කල්ලිවල බලපෑම කොච්චර තිබුනද කියනව නම් ඉන්දියානුවන්ගෙ ගැහැනුන්ව පවා මේ රාවණාගෙ සොර කල්ලිය උස්සන් එන්න පටන් ගත්තලු.
ඉතින් මේ නිසා අන්තිමේදි රාම කියන ප්‍රාදේශීය නායකයගෙ සීතා කියන බිරිදව උස්සන් යාම නිසා ඉන්දියාවෙ නායකයින් එකතුවෙලා රාවනාවයි මුලු මහත් මේ මිනීමරු ප්රජාවයි විනාශකරල දාන්න යුද්ධෙකට ආවලු,
ඒත් රාවනාගෙ යන්ත්‍රසූත්‍රවල බලය නිසා එයාලට ඒක කරන්න අමාරු උනාලු, ඒත් මේ රටේ මේනිස්සුන්ගෙ ඇගේ තියෙන වසල කම නිසා බල ලෝබයට රාවනාගෙම මල්ලි රාවනාව පාවලා දීල යුද්ධය දිනවලා දුන්නලු.
ඊට පස්සෙ එයාලට පක්ෂ වෙච්ච අයව විතරක් ඉතුරු කරල අනිත් අයව මේ රාවනාගෙ මල්ලි මරල දාන්න අන දුන්නලු.
ඒත් බේරුනු සමහර අය රට මැද කදුකරයට ගිහින් හැංගිල ජීවත් වුනාලු.
රාවනාගෙ මල්ලියි එයාගෙ සහචරයොයි රටේ දකුණු ප්‍රදේශයට ගිහින් රාජ්‍යයක් හදන්න හැදුවත් මේ අයට කිසිම එකගතාවයකට එන්න බැරි නිසා එක එක කන්ඩායම හැදිල මරාගත්ත මිසක් යලි රාජ්‍යයක් ගොඩ නගන්න බැරි උනාලු.
යක්ශ ගෝත්‍රිකයන් වෙච්ච මේ අයගෙන් තමාලු දකුනේ නමගිය යකැදුරෝ බිහිවෙන්නෙ.
ඉතින් ආයෙත් කාලෙකට පස්සෙ තවත් සිංහය කියල මුහුදු කොල්ලකාර නායකයෙක් ලංකාවෙන් බිහිවෙලා, ඉන්දියාවෙන් පැනගත්ත නහට අහන්නැති ප්‍රාදේශීය නායකයෙක්ගෙ දුවකට දාව සිංහබාහු බිහිවුනාලු.
තම පියාගෙ අතවර ඉවසන්න බැරිව සිංහ බාහු යලි අම්මත් එක්ක ඉන්දියාවට පැනල ගිහින් වාසය කලාලු.
ඔවුන් සොයා ආ සිංහයා නැමැති තමාගේම පියාව සිංහ බාහු තමාගෙ අතින්ම මරල දැම්මලු.
ඒත් තමන්ගේ පිය උරුමයෙන් එන ලේ වලින් හැදුනු විජය නම්වූ තමපුත්රයාගේ පහත් අධම ක්‍රියාකලාපය ඉවසන්න බැරිව, ඔහුව රටින් තවත් අපරාධකාරයෝ 700ක් පමන සමග විශාල නැවකට දමා එලවා දමන්න සිංහ බාහුට සිද්ධ උනාලු.
ඉතින් මේ විජය කියන අධමයා අර 700ක් පමණ අපරාධ කාරයො එක්ක ලංකාවට පාවෙලා ඇවිත් කුවේනි කියන යක්ශගෝත්ර නායකයෙකුගෙ දුවත් එක්ක එකතුවෙලා යක්ශගෝත්රයම විනාශකරල මරල දාල රටේ බලය අල්ල ගත්තලු.
ඊට පස්සෙ මේ විජය සහ පාදඩ කල්ලිය ඉන්දියාවත් එක්ක එකතුවෙලා ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේලු රට පවත්වාගෙන ගියේ, ඒකෙ ප්‍රතිපලයක් විදිහට සියලුම රජවරු, බිසෝවරු, කර්මාන්ත කරුවන්, ගොවීන්, පූජකයන් ඇතුලු සියලු ආකාර මිනිසුන් ඉන්දියාවේ සිට මෙරටට පදිංචියට ආවලු.
ඉතින් මේ විදිහට ඉන්දියාවත් එක්ක එකතුවෙලා සමගියෙන් වැඩකල නිසා රටේ මූලික අවදියේ රාජධානි බිහිවුනේ රටේ උතුරට කිට්ටු වෙන්නලු.
රාජධානිය රටේ උතුරට වන්නට තියෙන නිසා ඉතින් ඔන්න ආයෙත් රටේ ඇතිවුන හොරු මිනීමරුවො වගේ අපරාධකාරයන්ට හැංගෙන්න රටමැද කදුකරයටයි දකුණු ප්රදේශවලටයි යන්න උනාලු.
මේ අපරාධ කාරයින්ගෙන් හැදුනු දකුණෙ හිටපු මිනිස්සුන්ගෙ ලේවල අර ජන්මයෙන් ලැබුනූ අධම කම නිසා, දකුණෙන් නිතරම කැරලි කෝලාහල ඇතිවෙන්න පටන් ගත්තලු.
බලයට ලොබ වුන අපරාධකාරයො දකුණට සංක්රමනයවෙලා වෙනම රාජ්‍යයක් හදන්න පටන්ගත්තලු.
මේකෙ ප්‍රතිඵලයක් විදිහට වෙනම රටක් ජාතියක් සෑදීමට යාමෙන්, ඉන්දියානු ඤාතීන් එක්ක සම්බන්දය බිදිල ඔවුන් එක්ක යුද්ධ කරන්න පටන් ගත්තලු.
ඉතින් ඒත් එක්කම ඉන්දියාවෙ මුහුදුබඩ නායකයො රටේ උතුරු ප්‍රදේශ අල්ලා ගන්නත්, ඒ නිසා ආරක්ෂාව පතා රාජධානිය රට මැදට ගෙනයන්නත් සිද්ධ උනාලු රටේ නායකයින්ට.
මේ නිසා රට මැද කදුකරයේ හැංගිලා හිටිය රටේ නමගිය අපරාධකාරයින්ට සිද්ධ උනාලු රටේ දකුණු ප්‍රදේශ වලට ගිහින් හැංගෙන්න.
ඒ වගේම රටේ මැද කදුකරයේ හැංගිල හිටපු අනිත් අපරාධකාරයො, රජුට සහයදීල තාන්න මාන්න අරන් ඒත් බල ලෝභය නිසා රජවරුන්ව පාවලදීල රටම විනාස කෙරුවලු.
ඉතින් සීය අපිට කියපු විදිහට මේ දකුණු ප්‍රදේශවල ඉන්නෙ තනිකරම ඉන්දියාවෙන් ආපු අපරාධකාරයො කොට්ටාශයක් විතරමලු.
මේ රටේ සියලුම ජාති භේද ආගම් භේද ඇතිකරන්නෙ මේ දකුණෙ ඉන්න අර අපරාධකාරයන්ගෙන් බිහිවුන දරුවන්ම ලු.
අනුන් පාවාදීම මේ දකුණේ ජනතාවගේ ලේවලම ඇති නිසා කිසිවිටෙකත් ඔවුන් විශ්වාස කල නොහැකිලු.
ඉතින් ඔය නිසා තමයිලු ශ්‍රී ලංකාවෙ දකුණු ප්‍රදේශයෙන් කලුගගෙන් මෙහාට බලල් පැටියෙක්වත් ගෙනෙන්න එපාකියල ආදිකාලේ ඉදල කියමනක් හැදිල තියෙන්නෙ.
මේ මගේ සීය කියපු කතාව කොච්චර ඇත්තද කියන එක අද රටදිහා බලන් ඉන්න ඕනෑම කෙනෙකුට තේරුම්ගතහැකි යයි සිතමි.
No comments:
Post a Comment