Wednesday, 19 December 2012

ආසියාවේ ආස්චර්යය නිසා සිත් වෙනස්වූ තරුණයන් ලංකාවට යලි පැමිණීම..

අලුත්ම වාර්ථාවන්ට අනුව ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට පැනගත් කිසිම උගත්කමක් නැති සල්ලිකාර දෙමව්පියන්ගේ දරුවන් හදිසියේම ලංකාවට ඒමට ගුවන් ටිකට්පත් ගැනීමට පොරකමින් සිටියි.
මේ බව සැලවී මමත් මේගැන ස්කයිප් තාක්ෂණයෙන් දන්නා අදුරන වැදගත් යයි ලංකාවේ කියන්නාවූ එහෙත් අරක්කු පෙරා පොහොසත්වූ පවුලක ඉපිද සාමාන්‍යපෙල විභ්‍යාගයවත් සමත්කරගැනීමට අපොහොසත්ව කෙසේ හෝ එන්ගලන්තයට පැනගත් එල කොල්ලෙක්ගෙන් මේ ගැන අසාසිටියෙමි. මා සමග ඔහුගේ සංවාදය පහත දැක්වේ..

මා: මල්ලි මොකදමේ ඉස්සර මාර ගේමක් දීල රට පැනගත්තු සේරමල්ල ආයෙ ලංකාවට එන්න යනව කියන්නෙ.?

එල කොල්ලා: මේකනෙ අයිය අපි මෙහෙ ආවෙ ලංකාවෙ කිසි ආතල් එකක් නැති හින්දනෙ, කිසිම දෙයක් නිදහසේ කොරගන්න බෑනෙ මොකෙක් හරි එකෙක් මාව දැක්ක ගමන් ඩඩාට කෝල් එක දෙනවනෙ.
බඩු ගේන්න සිංගප්පූරුවට ගියාම අර ***පාරෙ හොරෙන් ගිහින් තියෙන ඒව දැකල හිතුවෙ මෙහේ ආවම සිංගප්පූරුවටත් වඩා එලටම ඇති කියල, මෙහෙ එච්චර ආතල් නෑ අයිය ලංකාවෙ තරම්වත් නෑ.

මා: ඉතින් මොකද මේ හදිස්සියෙ එකපාරටම කට්ටියම ලංකාවට එන්න දගලන්නෙ?

එල කොල්ලා: අයියෝ අයිය දන්නෙ නැද්ද ලංකාවෙ දැන් තියෙන ආතල්? දැක්කෙ නැද්ද කාර් රේස් එකයි පාටියයි? ටිකක් ඇහැ ඇරල බලන්නකො දැන් නාමල් අයියල රටම මාර පොෂ් කරලනෙ, සිංගප්පූරුව කැලේනෙ දැන්.
අනික දැන් කිසිඅවුලකුත් නෑනෙ ඔය මාලකයත් ඉන්නෙ හමුදාවෙ එකෙක්ට ගහලත්.
දැන් අම්මිලට මොනවත් කියන්නත් බෑනෙ ටීවි එකෙත් සෝෂල් ඇක්ටිවිටීස් පෙන්නනවනෙ, හික්ක නයීට් ගියාට මොනවත් කියන්නත් බෑනෙ, ඒක සංචාරක කරමාන්තෙ නගාසිටුවීම නෙ.

එල කොල්ලා සමග කතාව එතනින් නිමා නොවුනත් මේගැන සිතන්න මේ කොටස හොදටම ඇති යයි මම සිතමි.

මට වැටහෙන ආකාරයට නම් මහින්ද මාමාගේ ආසියාවේ ආසචර්යය නම් හොදටම සිදුවෙමින් පවතී, රට හැරගිය බුද්ධිමතුන් වෙනුවට, රටෙන් පිටවූ සියලුම අමනයින් යලි මෙරටට පැමිනෙමින් තිබේ.
දැන් ඉතින් කල හැකි හොදම දෙයනම්, සියලුම රටෙන් පැනගිය බඩුකාරයින් යලි රටට එන බැවින්, බඩුපොට් එකක්දමාගෙන පිම්පි රස්සාව කර පොහොසතකුවී මහින්ද මාමාගේ ආස්චර්යයට දායකවීම වේ,
එවිට රටේ හොදම බඩුපොට් අයිතිකරුවාට හිමි ජාතික සම්මානයෙන්ද දේශමාමක වැනි නොයෙකුත් ආකාර නම්බුනාමයන්ගෙන්ද පිදුම්ලැබීමේ පරම වරම ලැබිය හැකි වේ.

No comments:

Post a Comment